සජින් වාස්ට එරෙහි නඩුව දිනපතා විභාගයට දින නියමවෙයි

සජින් වාස්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව දිනපතා විභාගයට දින නියම කෙරේ

by Staff writer 01-10-2019 | 12:23 PM
COLOMBO (News 1st) : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 25 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේ ය. අද දින නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ 2010 - 2015 කාලසීමාව තුළදී රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වැරදි සිදුකර ඇතිබවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 05 දෙනෙකුට ලබන පෙබරවාරි 25 වැනිදා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද මහාධිකරණය එහිදි නියෝග කළේ ය.