home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
චීන මහජන සමූහාණ්ඩුව 70 වන සංවත්සරය සමරයි
by Staff writer
01-10-2019 | 1:20 PM
COLOMBO (News 1st) : චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරික උත්සවය අද බෙයිජිංහි ටියැංඅන්මෙන් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්විණ.
සංවත්සරික උත්සවය සමගින් උද්යෝගවත් හමුදා උත්තාමාචාරයක් ද පැවති අතර එය චීන හමුදාව ප්‍රතිසංස්කරණයෙන් පසු පැවති ප්‍රථම හමුදා උත්තමාචාරයයි. සංවත්සරික උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ, වර්තමානයේ සමාජවාදී චීනය නැගෙනහිර ලෝකයේ ස්ථීර ලෙස නැඟී සිටින බවයි. කිසිදු බලවේගයකට චීනයේ ස්ථානය වෙනස් කළ නොහැකි බවත් කිසිදු බලවේගයකට චීන ජනතාවගේ ඉදිරි ගමනට බාධා එල්ල කළ නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය. ජනතාවගේ යහපත් ජීවිතය සඳහා වූ අපේක්ෂාව අඛණ්ඩව සපුරා දෙමින් අලුත් ඓතිහාසික විශිෂ්ටත්වය නිර්මාණය කිරීමට චීනය දායක වන බව පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික න්‍යාය, මූලික ක්‍රියාවලිය, මූලික උපායමාර්ගය අංග සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන ලෙසයි. ඉදිරියට ගමන් කිරීමේදී 'සාමකාමී එක්සත්භාවය, එක් රටක්, ක්‍රම දෙකක්' යන ක්‍රියාවලියට චීනය අනුගමනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය. විශේෂ පරිපාලන කාලප වන හොංකොං සහ මැකෞව්හි දීර්ඝ කාලීන සමෘද්ධිය හා ස්ථාවරත්වය පවත්වා ගෙන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතා හා සාමකාමී සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම සඳහන් කළේ ය. ලෝකයේ ඒ ඒ රටවල ජනතාව සමඟ එක්ව පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පොදුවේ බිහි කිරීම සඳහා දායක විය යුතු යැයි ද ෂී ජින් පිං මහතා චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සර සැමරුම් සමුළුවේදී පෙන්වා දුන්නේ ය.
වෙනත් ලිපි
යුක්රේනය සමග සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනී
IPL 2025 අතහැර දමයි...
පාකිස්ථාන සුපර් ලීග් තරග ගැන දැනුම්දීමක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය