මැල්සිරිපුරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මැල්සිරිපුරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 30-09-2019 | 10:50 AM
COLOMBO (News 1st) - ගොකරැල්ල, මැල්සිරිපුර ප්‍රදේශයේදී පහර දීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට හේතු වී ඇති බව ය. පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ මාවතගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.