තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

ජනපතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

by Staff writer 30-09-2019 | 4:11 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ දිනය ලබන මස 04 වැනි දා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ය. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද අවසන්වීමට නියමිතව තිබුණි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික හා ගංවතුර තත්ත්වය නිසා සිදු වූ අපහසුතා සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බවයි. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 30 සහ 31 යන දෙදින පැවැත්වෙනු ඇති.