ආර්ථික අර්බුදය හමුවේ ලෙබනන් ජනතාව වීදි බසී

උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ ලෙබනන් ජනතාව වීදි බසී

by Staff writer 30-09-2019 | 10:07 AM
(News 1st) - උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ ලෙබනන් ජනතාව විරෝධතා අරඹා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රජයේ මූලස්ථාන ඉදිරිපිට විරෝධතා පාගමනේ නිරත වූ මෙම උද්ඝෝෂකයින් බීරූට් නුවර මංමාවත් ද අවහිර කරමින් ආර්ථික අර්බුදයට එරෙහිව හඬ නැගූ බව ය. ලෙබනනයේ උග්‍ර ආර්ථික සහ මූල්‍ය අර්බුදය හමුවේ මුදලේ අගය අවප්‍රමාණය වනු ඇතැයි ද බිය පළ වේ. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, දිනෙන් දින ලෙබනනයේ ණය බර ඉහළ යන බව ය. මුදලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් දේශීය නිෂ්පාදනයන්හි මිල ගණන් ඉතා ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.