ආබාධිත රණවිරුවන් විරෝධතාව අත්හරී

ආබාධිත රණවිරුවන් විරෝධතාව අත්හරී

by Staff writer 30-09-2019 | 2:27 PM
COLOMBO (News 1st) - ආබාධිත රණවිරුවන් පිරිසක් දින 20ක් පුරා ක්‍රියාත්මක කළ විරෝධතාව අද අත්හරිනු ලැබූහ. ඒ පිළිබඳව අදහස් දක්වමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා පැවසුවේ, සිය ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ය. මෙම කාලය මැතිවරණ සමයක් බැවින් සිය විරෝධතාව දේශපාලන මුහුණු වරකට පෙරළීමට පෙර අවසන් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.