සමෝවා පැරදු ස්කොට්ලන්තයට ජය

සමෝවා පැරදු ස්කොට්ලන්තයට ජය

සමෝවා පැරදු ස්කොට්ලන්තයට ජය

කර්තෘ Staff writer

30 Sep, 2019 | 6:50 pm

News 1st – ලෝක කුසලාන රග්බි තරගාවලියේ, සමෝවා රාජ්‍ය සමග අද පැවැති තරගයෙන් ස්කොට්ලන්තය ජය ගෙන තිබේ.

ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී පැවැත්වේ.

එහි ” ඒ ” කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ස්කොට්ලන්තය සහ සමෝවා රාජ්‍ය අතර තරගය පැවැත් විය.

ආරම්භයේ සිට ප්‍රතිවාදී සමෝවා ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කළ ස්කොට්ලන්ත ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධය ලකුණු 20 ට 0 ක් ලෙස පෙරමුණ ගත්තේ ය.

ඔවුන් දෙවැනි අර්ධයේදී තව ත් ලකුණු 14 ක් රැස් කර තිබේ.

ප්‍රතිවාදී සමෝවා ක්‍රීඩකයින්ට තරගය පුරා කිසිදු ලකුණක් රැස් කළ ගැනීමට හැකි වුණේ නැත.

ඒ අනුව තරගය අවසන් වුණේ, ලකුණු 34 ට 0 ක් ලෙස ස්කොට්ලන්තයට ජය හිමි කර දෙමිනි.

ස්කොට්ලන්තය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙයයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]