හබරණ වනඅලි මියයාමට හේතුව විෂ ශරීරගතවීමක්

හබරණ වනඅලි මියයාමට හේතුව විෂ ශරීරගතවීමක්

by Sagarika Chathumali 29-09-2019 | 10:21 PM
COLOMBO (News 1st) : හබරණ , දිගම්පතහ , හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නන් 6 දෙනෙකු සහ අලියෙකු මිය යෑමට හේතුව විෂක් ශරීරගත වීම බව මේ වන විට සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබේ. වනජිවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය නිලධාරි චන්දන ජයසිංහ මහතා සදහන් කළේ , මිය ගිය එම ඇතින්නන් පානය කල ජලයේ හෝ ආහාරවල විෂ අන්තර්ගත බවට සැක කරන බවයි. ඒ පිළිබද තහවුරු කර ගැනීම සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකට සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුළු ආයතන 03 කට යොමු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර , හබරණ , දිගම්පතහ , හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නන් 7 දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් හෙට දිනය තුළ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි වනජීවි අමාත්‍යාංශය, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතාට දැනුම්දී තිබේ. හබරණ , දිගම්පතහ , හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ මියගිය ඇතින්නන් සොයා අද දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය. https://www.facebook.com/NewsfirstSL/videos/2747004525324429/