සිරියාවේ සිටින විදේශ හමුදාවලට දැනුම් දීමක්..!

සිය භූමියෙන් වහාම ඉවත් වන්නැයි අමෙරිකාව ප්‍රමුඛ විදේශ හමුදාවලට සිරියාවෙන් දැනුම් දීමක්...

by Staff writer 29-09-2019 | 11:22 AM

News 1st - සිය භූමියෙන් වහාම ඉවත් වන්නැයි අමෙරිකානු සහ තුර්කි හමුදා බට පිරිස්වලට සිරියාව දැනුම් දී තිබේ.

සිරියා මුදල් අමාත්‍ය වලීඩ් අල් මුආලෙම් මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමිනි. තවදුරටත් සිය රට තුළ රැඳී සිටින්නේ නම් ඔවුන් කටයුතු කළ යුත්තේ සිරියා ආණ්ඩුවට අවශ්‍ය ආකාරයෙන් බව ද ඔහු පවසයි. අමෙරිකාව සහ තුර්කිය උතුරු දිග ප්‍රදේශවල නීති විරෝධි හමුදා පාලනයක් ගෙන යන බවට සිරියා මුදල් අමාත්‍යවරයා චෝදනා කළේ ය. ඒ අනුව ආණ්ඩුවේ අවසරයකින් තොරව රට තුළ සිටින සියලු විදේශ හමුදා වහාම ඉවත්ව යා යුතු බව ඔහු අවධාරණය කර තිබේ. සිරියා මුදල් අමාත්‍යවරයා පවසන්නේ, ලොව බලවත් රටවල් ත්‍රස්තවාදය හරහා සිය පහත් අරමුණු මුදුන්පත් කරගැනීමට උත්සහා දරන බවයි. 2011 වසරේ සිට සිරියාවේ පවතින යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 370,000 ඉක්මවනු ඇති.

වෙනත් ලිපි