වැල්ලම්පිටියේ ගින්නකින් තරුණයෙකු මරුට

වැල්ලම්පිටියේ වෙළෙඳසැල් 4 ක ගින්නක්: තරුණයෙකු මරුට

by Hashini De Mel 29-09-2019 | 12:16 PM

COLOMBO (News 1st)  - වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළෙඳසැල් 4 ක හටගත් ගින්නකින් තරුණයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි 11.00 ට පමණ ගින්න හටගෙන ඇති බවයි. ප්‍රදේශවාසීන් සහ වැලිකඩ ගිනි නිවීම් ඒකකය එක් ව ගින්න මැඩපවත්වා ඇත. එහිදී ගින්නට හසුව පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයකු ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. ඔහු 21 හැවිරිදි සේදවත්ත පදිංචිකරුවෙකි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව වැල්ලම්පිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.