කොකේන් සමග බ්‍රසීල ජාතික කාන්තාවක් දැලේ

බ්‍රසීල ජාතික කාන්තාවගේ උදරයෙන් කොකේන් ගුලි 52 ක් සොයාගනී

by Hashini De Mel 29-09-2019 | 12:35 PM

COLOMBO (News 1st) - දෝහා සිට මෙරටට පැමිණි කටුනායක ගුවන්තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතික කාන්තාවගේ උදරයෙන් කොකේන් ගුලි 52 ක් සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

සැකකාරිය ගුවන්තොටුපොළේදී ස්කෑන් පරීක්ෂාවට ලක් කිරීමේදී ඇයගේ උදරයේ යමක් පවතින බව නිරීක්ෂණවීමෙන් අනතුරුව රෝහල්ගත කෙරුණි. ඇය මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන්නේ මීගමුව රෝහලේ ය. 50 හැවිරිදි එම කාන්තාව අද මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.