ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි...

by Staff writer 29-09-2019 | 8:32 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 15 - 30 අතර වනු ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවයි.