දුම්රිය සේවක වර්ජනය තවදුරටත්...

දුම්රිය සේවකයින් ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් තවදුරටත් වර්ජනයේ...

by Staff writer 29-09-2019 | 8:26 AM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ ශ්‍රේණි රැසක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජන තවදුරටත් ක්‍රියාත්මක වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 4 වැනි දිනටයි. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩ වර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ නිලධාරීන් එක් ව සිටිති. මේ අතර වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මක වේ. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.