රාජ්‍ය ආයතනවල පත්වීම් ලබාදීම ඉහළට...

ජනපතිවරණය අතරතුර රාජ්‍ය ආයතනවල පත්වීම් ලබාදීම ඉහළ ගොස් ඇති බවට චෝදනා

by Staff writer 29-09-2019 | 7:16 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී රාජ්‍ය ආයතනවල පත්වීම් ලබාදීම ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂක සංවිධාන පවසයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, ජනාධිපතිවරණය ආශ්‍රිත පැමිණිලි 16 ක් තම සංවිධානයට වාර්තා වී ඇති බවයි මේ අතර ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට ද ජනාධිපතිවරණය ආශ්‍රිත මැතිවරණ පැමිණිලි 13 ක් වාර්තා වී තිබේ.