ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-09-2019 | 6:30 AM
1. සරසවි තුළ දේශපාලනය තාවකාලිකව තහනම් කිරීමට යෝජනාවක්: විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාකාරී දේශපාලන කටයුතු වසර 5කට තහනම් කිරීම කෙරෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයින් අවධානය යොමු කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු කැබිනට් අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි. 2. තුම්බිකුලමේ මිය ගිය අලීන්ගේ ශරීර කොටස් රස පරීක්ෂක වෙත: හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය අලීන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පවසයි. 3. එස්. බී. නාවින්නගේ සහය සජිත් ප්‍රේමදාසට: පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. නාවින්න එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරයි. 4. හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර බන්ධනාගාරගත කෙරේ: හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් ලබන මස 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.