ඇතින්නියන්ගේ මරණ ගැන කඩිනම් වාර්තාවක් ඉල්ලයි

ඇතින්නියන් මිය යාම පිළිබඳ කඩිනම් වාර්තාවක් දෙන්නැයි අමාත්‍යාංශයෙන් නියෝග

by Staff writer 29-09-2019 | 12:03 PM

COLOMBO (News 1st) - හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 7 දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් හෙට දිනය තුළ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි වනජීවි අමාත්‍යාංශය, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතාට දැනුම්දී තිබේ.

රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා සඳහන් කළේ, යුද හමුදාව ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය ඇතින්නියන් සොයා අද ත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. මේ අතර මිය ගිය ඇතින්නියන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, මිය ගිය ඇතින්නියන් කිහිප දෙනෙකුගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ ද මරණයට නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි වූ බවයි. සිද්ධිය සම්බන්ධවෙන් පොලීසියට පැමිණිලි කර ඇතැයි ද චන්දන සුරිය බණ්ඩාර මහතා මහතා ප්‍රකාශ කළේ ය.