Update: අලින්ගේ මළ සිරුරු ගණන 7 දක්වා ඉහළට

හබරණදී සොයාගත් අලින්ගේ සිරුරු ගණන 7 දක්වා ඉහළට

by Staff writer 28-09-2019 | 9:20 AM

COLOMBO (News 1st)  Update: හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තම්බිකුලම් රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේ තිබියදී තව ත් වන අලි දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

මේ අතර අද උදෑසන තව ත් අලියකුගේ මළ සිරුරක් ද සොයා ගනු ලැබිණි. ඒ අනුව හිරිවඩුන්න තම්බිකුලම් රක්ෂිතයට ආසන්නයේ දැනට මිය ගිය අලින්ගේ සංඛ්‍යාව 7 කි.

--------------------------------------------------------------------------------------------------------------------

හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තම්බිකුලම් රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේ තිබියදී අද උදෑසන තව ත් අලියෙකුගේ සිරුරක් සොයා ගෙන තිබේ.

සීගිරිය වන සත්ත්ව අඩවි ආරක්ෂක චන්ද්‍ර බණ්ඩාරනායක මහතා සඳහන් කළේ, එම අලියා ද විෂ ශරීරගතවීමෙන් මිය යන්නට ඇති බවට සැක කරන බවයි. මේ අතර එම ප්‍රදේශයේම තිබියදී ඊයේ පස්වරුවේ අලි 04 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනුණි. එම අලින් ද විෂ ශරීරගතවීමෙන් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. චන්ද්‍ර බණ්ඩාරනායක මහතා පැවසුවේ, අදාළ රක්ෂිතය තුළ තව ත් මිය ගිය වන අලින්ගේ සිරුරු ඇති බවට සැක කරන බවයි. ඒ අනුව අද දිනය පුරා රක්ෂිත ප්‍රදේශය තුළ හමුදාව ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. මිය ගිය අලින්ගේ සිරුරු මේ වන විට එම ස්ථානවල ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි චන්ද්‍ර බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ ය.