by Staff writer 28-09-2019 | 12:13 PM
COLOMBO (News 1st) - දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතවේ.
මෙම සාකච්ඡාවේදී ලබන 7 වැනි දා පැවැත්වීමට නියමිත නාම යෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතයි.
මෙම සාකච්ඡාව සඳහා දැනට ඇප මුදල් තැන්පත් කර ඇති දේශපාලන පක්ෂවල නියෝජිතයින්, ජනාධිපතිවරණයට තරග කරන බවට මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති පක්ෂ නියෝජිතයින් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් කැඳවන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
මේ අතර ලබන බදාදා පෙරවරුවේ පොලිස් ප්‍රධානීන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිසම පැවසුවේ, එහිදී නාම යෝජනා භාර ගැනීමේ දිනයේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව වැඩි අවදානයක් යොමු කිරීමට නියමිත බවයි.