ඇෆ්ගනිස්ථාන ජනපතිවරණය අද යි

තලේබාන් අනතුරු ඇඟවීම් මධ්‍යයේ ඇෆ්ගනිස්ථාන ජනපතිවරණය අද

by Staff writer 28-09-2019 | 8:13 AM

News 1st - ඇෆ්ගනිස්ථාන ජනපතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වේ.

ඒ, මැතිවරණ බල ප්‍රදේශ රැසක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට තලේබාන් සංවිධානය කර ඇති අනතුරු ඇඟවීම් හමුවේයි. මේ හේතුවෙන් එරට සෑම ප්‍රදේශයකම ආරක්ෂාව තර කර ඇති අතර යොදවා ඇති හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 72,000 කි. මෙවර ජනපතිවරණ ඡන්ද විමසීම ඇෆ්ගනිස්ථානය පුරා මධ්‍යස්ථාන 4942 කදී පැවැත්වෙන අතර ලක්ෂ 96 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ. මෙවර ජනපතිවරණයට එක් ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 16 කි. මැතිවරණ විචාරකයින් පැවසුවේ, වත්මන් ජනපති අෂ්රෆ් ඝානි හා රජයේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල්ලා අබ්දුල්ලා අතර කරට කර සටනක් පවතිනු ඇති බවයි. අෂ්රෆ් ඝානීගේ ප්‍රචාරණ රැළියකට පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 30 කට ආසන්න පිරිසක් මිය ගියහ.