හිටපු රේගු නිලධාරීන් දෙදෙනෙකු FCID භාරයට

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් වීජේවීර සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් FCID අත්අඩංගුවට

by Staff writer 27-09-2019 | 6:19 PM

COLOMBO (News 1st) - හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන්ව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නීතිපතිවරයාගේ උපදෙස් මතයි. ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ද පසුගිය 19 වැනි දා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබුණි. ඒ, රාජසන්තක කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව භාරයට පත් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 8 ක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළ බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ දැනුම් දීමකින් අනතුරුවයි. තමන් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බවට නීතිඥවරුන් මාර්ගයෙන් මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් වීජේවීර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සහ තාරක සෙනෙවිරත්න මහතා බදුල්ල රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.