by Staff writer 27-09-2019 | 2:33 PM
COLOMBO (News 1st): වත්මන් රජයේ වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී තිබේ.
ඒ , ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ය.
කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන් 04 දෙනා එම වාර්තාව ජනාධිපතිතුමාට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
අදාළ වාර්තාවේ ජනාධිපති කොමිසමේ විමර්ශනයට ලක් කෙරෙමින් පවතින පැමිණිලි 22 කට අදාළ තොරතුරු අන්තර්ගත බව එම කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේය.
2015 වසරේ සිට 2018 අවසානය දක්වා වත්මන් රජයේ ආයතනවල සිදුවූ වංචා හා දූෂණ සෙවීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගිය ජනවාරි 17 වැනිදා මෙම කොමිසම පත් කරනු ලැබිණි.