by Staff writer 27-09-2019 | 3:58 PM
COLOMBO (News 1st) - ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කර තිබේ.
යුද හමුදාව පැවසුවේ, ජනාධිපතිතුමා විසින් එම නිලධාරීන් කර්නල් නිලයට උසස් කර ඇති බවයි.
මේ මස 10 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි එම නිලධාරීන් උසස් කර ඇත්තේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මතයි.