ඇල්පිටිය තැපැල් ඡන්ද විමසීම අද

ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද

by Staff writer 27-09-2019 | 9:34 AM

COLOMBO (News 1st): ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද පැවැත්වේ.

ගාල්ල දිස්ත්‍රික් තේරම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ය. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,192 ක් බව ද ඔහු සඳහන් කළේය. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව ගාල්ල දිස්ත්‍රික් තේරම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළේය.