අලි-මිනිස් ගැටුම පිළිබඳ ගම්මැද්ද ගවේෂණය සූරියවැවදී

අලි - මිනිස් ගැටුම පාලනයට විසඳුම් සොයන ගම්මැද්ද ගවේෂණාත්මක අධ්‍යයනය සූරියවැවදී අද ඇරඹේ

by Chathuranga Rajapaksha 27-09-2019 | 8:59 AM

COLOMBO (News 1st): අලි - මිනිස් ගැටුම පාලනයට විසඳුම් සෙවීමේ අරමුණින් ගම්මැද්ද සංවිධාන කරන ගවේෂණාත්මක අධ්‍යයනය අද ආරම්භ වේ.

ඒ, හම්බන්තොට සූරියවැව අන්දරවැව ප්‍රදේශයෙනි. වසරකට අලි මරණ 260ක් පමණ සිදුවන අතර අලිගෙන් සිදුවන හානි නිසා පුද්ගලයින් 80ක් පමණ වසරකට මියයන බවට මේ වනවිට ගණන් බලා තිබේ. ඒ, අනුව අවුරුදු දහස් ගණනක අලි - මිනිස් සබඳතා බිඳ වැටුණේ කොතැනද? මේ සද්ධන්ත විරසකයට විසඳුම් සෙවීමේ දැවැන්ත කාර්යේ පළමු ගවේෂණාත්මක අධ්‍යනයට පේරාදෙණිය විශ්වවිද්‍යාලය, වනජීවි දෙපාර්තමේන්තුව‍ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව‍ ගම්මැද්ද සමග එක්ව සිටීම විශේෂත්වයකි.