ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද

ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද

ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද

කර්තෘ Staff writer

27 Sep, 2019 | 9:34 am

COLOMBO (News 1st): ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද පැවැත්වේ.

ගාල්ල දිස්ත්‍රික් තේරම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ය.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,192 ක් බව ද ඔහු සඳහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව ගාල්ල දිස්ත්‍රික් තේරම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]