by Staff writer 26-09-2019 | 7:21 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, හංසයා ලකුණින් බව එජාපෙ ජනාධිපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එජාපෙ ජනාධිපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ, ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු සහභාගී වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මධ්‍ය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ, නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාදාමයට තමාට සහය ලබා දෙන ලෙසයි.
තමා ළඟ පුද්ගලික න්‍යාය පත්‍ර හෝ සැඟවුණු න්‍යාය පත්‍ර නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ය.
මේ අතර දේශපාලන තලය තුළ තමා පිළිගන්නා ප්‍රතිපත්තීන් සහිත ඕනෑම පාර්ශවයන්ට පක්ෂයේ දොරටු විවරව පවතින බව ද එජාප ජනාධිපති අපේක්ෂකවරයා මාධ්‍ය අමතමින් පැවසී ය.
තවදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩයම තමා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතිය පළ කිරීමට ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී ක්‍රියා කළේ ය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වී ගත් තීරණයකට අනුව ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කළේ ය.
https://www.youtube.com/watch?v=KqGJWVHa9bQ