දුම්රිය සේවකයින් වැඩ වර්ජනයේ...

දුම්රිය වර්ජනයෙන් මගීන්ට දැඩි පීඩා...

by Staff writer 26-09-2019 | 6:59 AM

COLOMBO (News 1st) - දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. මහව සිට පැමිණෙන කාර්යාල දුම්රිය අද අලුයම 5.35 ට කුරුණෑගලින් ධාවනයවීමට නියමිතව තිබුණත් එය ධාවනය නොවූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මහනුවර සිට මාතර දක්වා අලුයම 5.00 ට ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය අද ධාවනය වූයේ නැත. කෙසේ වෙතත් මහනුවර දුම්රිය ස්ථානයෙන් කොළඹ දක්වා එක් දුම්රියක් අද අලුයම 5.30 ට ධාවනය වූ බව අප වාර්තාකරු පැවසීය. අලුයම 5.00 ට මාතර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිතව තිබූ සාගරිකා දුම්රිය අද ධාවනයෙන් ඉවත් වී තිබුණි. උදෑසන 6.00 ට ධාවනයවීමට නියමිතව තිබූ රුහුණු කුමාරි දුම්රිය සහ උදෑසන 06.12 ට ධාවනයවීමට නියමිතව තිබූ ගාලුකුමාරි දුම්රිය ධාවනය නොවුණු අතර 6.05 සමුද්‍රදේවී දුම්රියත් 5.55 ට කාර්යාල දුම්රියක් ධාවනය වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මාතර දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ කිසිම දුම්රික් අද දිනයේ ධාවනය නොවීම හේතුවෙන් ජනතාව විකල්ප ක්‍රම භාවිත කරති. අලුයම 4.50 පුත්තලම සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය අද ධාවනය නොවුණු බව අප වාර්තාකරු පැවසුවේ ය. අද අලුයම බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක්ම අවලංගු කර තිබේ. මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවකට පත් ව ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කරති.