දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

by Staff writer 26-09-2019 | 10:29 AM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලණිගම අතර ප්‍රදේශයක සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තව ත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක පිටුපස ජීෆ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. තුවාලකරුවන් නාගොඩ, හොරණ සහ බණ්ඩාරගම රෝහල්වල ප්‍රතිකාර ලබනු ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.