පහත්බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත් වන්නැයි උපදෙස්

කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට

by Staff writer 26-09-2019 | 7:43 AM

COLOMBO (News 1st) - කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගගේ පානදුගම මාපකයේ ජල මට්ටම තවදුරටත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේය. ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්‍රදේශවලින් තවදුරටත් ඉහළ යමින් පවති. මේ හේතුවෙන් බද්දේගම, බෝපෝ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. ඊට අමතරව අත්තනගලු ඔයේ ජල මට්ටම ද දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. අධික වැසි, ගංවතුර සහිත කාලගුණ තත්ත්වයෙන් අවතැන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 42,000 කට අධිකයි.