by Staff writer 26-09-2019 | 1:35 PM
COLOMBO (News 1st) - දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ සිසුන්ට නැවත එම පරීක්ෂණවලට සහභාගීවීම සඳහා අවස්ථාවක් ලබා දී තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා පැවසුවේ, 1911 දුරකතන අංකය ඇමතීමෙන් සිසුන්ට අතිරේක දිනයක් ලබාගත හැකි බවයි.
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය 24 වැනි දා ආරම්භ විය.