ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5 ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5 ක භූ කම්පනයක්

by Staff writer 26-09-2019 | 10:29 AM

News 1st - ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5 ක භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සේරම් දුපත ආශ්‍රිතව එම භූ කම්පනය සිදු ව ඇති බවයි. මේ හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. එහෙත් භූ කම්පනයෙන් ගොඩනැගිලි කිහිපයකට හානි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.