ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්දය හෙට

ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්දය හෙට

by Staff writer 26-09-2019 | 1:32 PM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය හෙට පැවැත්වේ.

ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි. ඒ සඳහා පූර්ණ ආරක්ෂාවක් යෙදවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්ද දායකයින් වෙනුවෙන් ලබන 4 වැනි දා අතිරේක අවස්ථාවක් ද හිමිවනු ඇති. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන මස 11 වැනි දා පැවැත්වේ.