දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්

දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්

දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්

කර්තෘ Staff writer

26 Sep, 2019 | 9:12 am

COLOMBO (News 1st) – කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මකයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැසි සමග තද සුළං ද ඇති විය හැකි බවයි.

මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සියලු නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේඛයකිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]