කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට

කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට

කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට

කර්තෘ Staff writer

26 Sep, 2019 | 7:43 am

COLOMBO (News 1st) – කළු, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගගේ පානදුගම මාපකයේ ජල මට්ටම තවදුරටත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේය.

ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්‍රදේශවලින් තවදුරටත් ඉහළ යමින් පවති.

මේ හේතුවෙන් බද්දේගම, බෝපෝ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඊට අමතරව අත්තනගලු ඔයේ ජල මට්ටම ද දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

අධික වැසි, ගංවතුර සහිත කාලගුණ තත්ත්වයෙන් අවතැන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 42,000 කට අධිකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]