ෆීජි කණ්ඩායමට එරෙහිව උරුගුවේ කණ්ඩායම ජය ගනී

2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය: ෆීජි කණ්ඩායමට එරෙහිව උරුගුවේ කණ්ඩායම ජය වාර්තා කරයි

by Staff writer 25-09-2019 | 1:05 PM
(News 1st) - 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ෆීජි කණ්ඩායම සහ උරුගුවේ කණ්ඩායම අතර පැවති තරගයෙන් උරුගුවේ කණ්ඩායම ලකු‍ණු 30ට 27ක් ලෙස ජයග්‍රහණය කළේ ය. තරගය ජපානයේ කමායිෂි අනුස්මරණ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම ක්‍රීඩාංගණයේ විශේෂත්වය වන්නේ, 2011 සුනාමියෙන් විනාශයට පත් වූ පාසලකට අයත් භූමියක් යොදා ගෙන මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබීම ය. ලොව රග්බි ශ්‍රේණිගත කිරීම්හි 10 වන ස්ථානයේ පසුවන ෆීජි කණ්ඩායම සහ ශ්‍රේණිගත කිරීම්හි 19 වන ස්ථානයේ පසුවන උරුගුවේ කණ්ඩායම් අතර තරගය මෙවර තරගාවලියේ ඩී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විණි. තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේ ය. උත්සාහක දිනුම් 3ක් හා ප්‍රවර්ථන 3ක් හා දඬුවම් පහරක් සමගින් උරුගුවේ ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 24කි. ප්‍රතිවාදී ෆීජි ක්‍රීඩකයින්ට තරගයේ පළමු අර්ධයේදී උත්සාහක දිනුම් 2ක් සහ ප්‍රවර්ථනයක් සමගින් රැස් කිරීමට හැකි වූයේ ලකුණු 12ක් පමණි.