by Staff writer 25-09-2019 | 7:42 AM
COLOMBO (News 1st ) - රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේ, නීති ක්ෂේත්‍රයට වැටුප් වැඩි කිරීමෙන් රාජ්‍ය සේවයේ හටගෙන ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව ය.
මේ අතර රජයේ පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය ද අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.
ඔවුන් ද වැඩ වර්ජනයේ නිරත වන්නේ, වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් ය.
කෙසේ වෙතත් තම වැඩ වර්ජනය අධික වර්ෂාවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක නොවන බව රජයේ පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ ය.
මේ අතර වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 17 වන දිනටත් ක්‍රියාත්මක වේ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා සඳහන් කළේ, තම ගැටලු විසඳීමට බලධාරීන් මැදිහත් නොවීමෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බව ය.