යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා ලුතිනන් නිලයට

යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා ලුතිනන් නිලයට

by Staff writer 25-09-2019 | 9:41 AM
COLOMBO (News 1st) - යෝෂිත රාජපක්ෂ මහතා යළිත් නාවික හමුදා ලුතිනන් නිලයේ පිහිටුවා තිබේ. නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් ඔහු සේවයේ පිහිටුවීමේ නියෝගයට අත්සන් කළ බව ය. යෝෂිත රාජපක්ෂ මහතා යළි ලුතිනන් නිලයට පත් කර ඇත්තේ, සේවා කාලය අවසන් කිරීමකින් තොරව බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඒ අනුව 2018 පෙබරවාරි 28 වන දින සිට ඔහු යළි සේවයේ පිහිටුවා තිබේ. සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලට අදාළව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබී ය.