මිහින්තලේ රඹෑවේදී කැබ් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

මිහින්තලේ රඹෑවේදී කැබ් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

by Staff writer 25-09-2019 | 11:06 AM
COLOMBO (News 1st) - මිහින්තලේ රඹෑව වැලිඔය හන්දියේදී කැබ් රථයක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, රඹෑව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බව ය. අද අලුයම සිදු වූ මෙම අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ තැනැත්තා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර ගාලු පාර එගොඩ උයන ප්‍රදේශයේදි යුද හමුදාවට අයත් වෑන් රථයක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ යාචකයෙකි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැත.