ගාල්ල, මාතර සියලු පාසල් හෙට හා අනිද්දා වසා දැමේ

ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට හා අනිද්දා වසා දැමේ

by Staff writer 25-09-2019 | 12:12 PM
COLOMBO (News 1st) - ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට හෙට (26) හා අනිද්දා (27) නිවාඩු ලබා දෙන බව දකුණු පළාත් අණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බව ය. කෙසේ වෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සඳහන් කළේ, බස්නාහිර පළාතේ සියලු පාසල් හෙට හා අනිද්දා දිනයේ සුපුරුදු පරිදි පැවැත්වෙන බව ය.