කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්

කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්

by Staff writer 25-09-2019 | 3:44 PM
COLOMBO (News 1st) : බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 12 වන දා සිරකරු සුබසාධන දිනය නිමිත්තෙන් රැඳවියන් බැලීමට පැමිණි අවස්ථාවේදී කංජිපානිගේ පියා , සහෝදරයා ඇතුළු ඥාතීන් සිව්දෙනෙකු කෑම බදුනක් තුළ සුක්ෂම සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් බන්ධනාගාර නිලධාරිහු සොයා ගත්හ.