"කොන්දේසි සහිත දේශපාලන ගමනකට සුදානම් නැහැ"

"කොන්දේසි සහිත දේශපාලන ගමනකට කිසිසේත් සුදානම් නැහැ" - සජිත් ප්‍රේමදාස

by Staff writer 25-09-2019 | 5:46 PM
COLOMBO (News 1st) : කොන්දේසි සහිත දේශපාලන ගමනකට තමන් කිසිදු මොහොතක එකඟ නොවන බව ත් සිය ආත්ම ගරුත්වය, රට සහ පුරවැසි පරපුර පවා නොදෙන බව ත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නියෝජ්‍ය නායකවරයා මේ බව පැවසුවේ, මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැති කළුතර දිස්ත්‍රික් ජන රැළිය අමතමිනි. තමා කිසිවෙකුගේ රූකඩයක් හෝ පඹයෙකු නොවන බව ත් කුමන බාධා පැමිණිය ද කවුරුන් ද්‍රෝහිකම් කළ ද සිය ගමන මොනම ජගතෙකුටවත් නතර කළ නොහැකියි බව ත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේ ය. තවද නූතන ත්‍රස්තවාදයට මුහුණ දීමට බුද්ධිමය වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතු බව සඳහන් කළ නියෝජ්‍ය නායකවරයා වැඩිදුරටත් පැවසුවේ, රටේ කාන්තා පරපුර සුරක්ෂිත කිරීමට නීති පද්ධතියක් සැකසිය යුතුව ඇති බවයි. සිය නායකත්වය යටතේ රටේ ස්වර්ණමය යුගය බිහිකරන බවත් කිසිදු කොන්දේසියකට හෝ රෙගුලාසියකට වහල් නොවී රට ගොඩ නැගීමට ඉදිරිපත් ව සිටින එකම අපේක්ෂකයා තමා බව ද එජාප නියෝජ්‍ය නායකවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ ය. එක්සත් ජාතික පක්ෂ නියේජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම වෙනුවෙන් බදුල්ලෙන් ආරම්භ කර මාතර හා කුරුණෑගල පැවැති රැළිවලින් අනතුරුව පැවති සිව්වන ජන රැළිය මෙයයි " සජිත් එනවා " ලෙස නම් කර තිබූ මෙම ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු රැසක් සහභාගි වී සිටියහ.   https://www.youtube.com/watch?v=sk5SmJWOGMw