අධිවේගයේ මෝටර් රථයක් පෙරළීමෙන් 5කට තුවාල

අධිවේගයේ මෝටර් රථයක් පෙරළීමෙන් 5 දෙනෙකුට තුවාල

by Staff writer 25-09-2019 | 2:31 PM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, පින්නදූව සහ බද්දේගම අතරදී මෝටර් රථය ලිස්සා ගොස් පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වේ. ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසුවේ ය. මේ අතර අධික වර්ෂාව පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගවල වාහන ධාවනයේදී වේග සීමාව පැයට කිලෝමීටර් 60ක් ලෙස පවත්වාගෙන යන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. https://www.youtube.com/watch?v=ZBBQRSgurPg