හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීමට අංක 2ක්

හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීමට දුරකතන අංක 2ක්

by Staff writer 24-09-2019 | 5:34 PM
COLOMBO (News 1st) - හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීමට පොලීසිය විශේෂ දුරකතන අංක 2ක් හඳුන්වා දී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඒ අනුව 011 25 87 225 සහ 011 24 54 576 යන දුරකතන අංක ඇමතිය හැකි බව ය. ආපදා සහන නිලධාරීන් සහ ඒ සඳහා විශේෂ පුහුණුව ලද ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායම් 50 බැගින් ගාල්ල, මාතර සහ කළුතර යන පොලිස් වසම්වලට අනුයුක්ත කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බෝට්ටු 50ක් පමණ ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත යොමු කර තිබේ.