හංවැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

හංවැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 24-09-2019 | 9:13 AM
COLOMBO (News1st) : හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත, දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුගෙන් ලද තොරතුරු අනුව එම අපරාධය සිදුකිරීමට උපයෝගී කරගන්නා ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක්, ජැකට් දෙකක් සහ හෙල්මට් දෙකක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. පසුගිය 15 වන දා හංවැල්ල ඇඹුල්ගම හන්දියේදී සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.