by Staff writer 24-09-2019 | 9:14 PM
COLOMBO (News 1st) - සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කළ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ, අද පස්වරුවේ ඒ පිළිබඳව දැනුම් දුන් බව ය.
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තීය ආචාර ධර්ම කඩ කළේ යැයි චෝදනා එල්ල වී ඇති වික්‍රමසිංහ මහත්මියට එරෙහිව විධිමත් විමර්ශනයක් කරන්නැයි නීතිපතිවරයා ඊයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දුන්නේ ය.
ඒ අනුව සොලිසිටර් ජනරාල්වරිය ලෙස ඇය මෙතෙක් කළ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතා නීතිපතිවරයා විසින් තාවකාලිකව පත් කර තිබේ.