by Staff writer 24-09-2019 | 4:38 PM
COLOMBO (News 1st) - ජල ගැලීම්වලට කොටු වූ පුද්ගලයින් 18 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, අවතැන් වූ පුද්ගලයින් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද පියවර ගත් බව ය.
අධික වැසි සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්ක සඳහා සහන කණ්ඩායම් රැසක් යොදවා ඇතැයි ද නාවික හමුදාව සඳහන් කළේ ය.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදූව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේ වන විට සහන කණ්ඩායම් ක්‍රියාත්මක ය.
ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් යොදවා ඇතැයි නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.