කිරිපිටි මිල ගණන් අද සිට ඉහළට

කිරිපිටි මිල ගණන් අද සිට ඉහළට

by Staff writer 24-09-2019 | 1:24 PM
COLOMBO (News 1st) : ආනයනික කිරිපිටි මිල අද සිට ඉහළ දමා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝග්‍රෑම් 1 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50කින් ඉහළ දමා ඇති බවයි. කිරිපිටි මිල සූත්‍රයට අනුව, ජාත්‍යන්තර කිරිපිටි මිල ගණන් අනුව, එම මිල ඉහළ දැමීම සිදුව තිබේ. ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත කිරිපිටි මිල වැඩිකිරීමට අවසර ලබාදුන් බවද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළේ ය.