අධිවේගය භාවිත කරන රියැදුරන්ට විශේෂ උපදෙස්...

අධිවේගය භාවිත කරන රියැදුරන්ට විශේෂ උපදෙස්...

by Staff writer 24-09-2019 | 4:23 PM
COLOMBO (News 1st) - අධික වර්ෂා තත්ත්වය යටතේ අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී රථවල ඉදිරිපස ප්‍රධාන බල්බ දල්වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට උපදෙස් දෙයි. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 60 මට්ටමේ පවත්වා ගත යුතු බව ය. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත මාර්ගය මේ වන විට තවදුරටත් ජලයෙන් යට වී තිබේ. මේ හේතුවෙන් කුඩා වාහනවලට අධිවේගී මාර්ගයට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.