සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් අද භාර නොගැනේ

by Staff writer 23-09-2019 | 9:41 AM
COLOMBO (News 1st) : සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් අද දිනයේ භාර නොගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ඒ, විධායක නොවන රාජ්‍ය සේවකයින්ගේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙනි. කෙසේ වෙතත් එක්දින සේවා අයදුම්පත් පමණක් භාර ගැනීමටත් තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. විධායක නොවන රාජ්‍ය සේවකයින් අද දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී සිටින්නේ වැටුප් විෂමතාවක් මුල් කර ගනිමිනි.