රාජ්‍ය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

by Chathurika Jayasundara 23-09-2019 | 7:23 AM

COLOMBO ( News 1st ) - වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් අද දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රාජ්‍ය සේවකයින් පියවර ගෙන තිබේ.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුවේ කැඳවුම්කරු උදේනි දිසානායක පැවසුවේ විධායක නිලධාරීන් හැර සියලුම රජයේ සේවකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව ය. ඒ හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීම, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සියලුම රජයේ ආයතවල රාජකාරි කටයුතු අඩාල විය හැකි බව ඔහු සඳහන් කළේ ය. මේ අතර විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ විසඳුම් නොලබා සිය වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වන බව ය.